General28 May 2016

කොළඹ - බදුල්ල තැපැල් දුම්රිය යළි ගමන් අරඹයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවලංගු කර තිබූ කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර මාර්ගය ගිලා බැසීම නිසා තාවකාලිකව අදාළ දුම්රිය ධාවන කටයුතු අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත්, ඊයේ සිට නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි පාලක මැදිරිය සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes