පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස බලපෑම් සිදුකිරීමට විරෝධය පළ කරමින් හෙට පෙරවරු 8 සිට 12 දක්වා දිවයින පුරා වෛද්‍යවරුන් සංකේත වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
මෙම වර්ජනය ආපදාවට ලක්වූ කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කිරීමට සංගමයේ විධායක සභාව තීරණය කළ බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වර්ජනය පවතින කාලය තුළ වුව ද හදිසි ප්‍රතිකාර සේවා සහ ආපදා සහන සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් දායක වන බවත් එහි සදහන්.
මාතෘ රෝහල්, ළමා රෝහල් , පිළිකා ආයතන හා වකුගඩු ප්‍රතිකාර ආයතන ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ අවසන් මොහොතේ හෝ සාකච්ඡාමය විසදුමකට තමන් සූදානම් බවයි.
මේ අතර, රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරි සංගමය අද තවත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වෛද්‍ය වැඩවර්ජනය විවේචනයට ලක් කළා.
එහි ලේකම් වෛද්‍ය කේ.කේ.එන්.සී ප්‍රේමරත්න ප්‍රකාශ කළේ රට ආපදා තත්ත්වයකට මුහුණදෙන අවස්ථාවක වර්ජන පැවැත්වීම සදාචාරාත්මක නොවන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වර්ජනය සංවිධාන කර ඇත්තේ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැටලූවක් මුල් කරගෙනයි.
කෙසේ නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල අදාළ පත්වීම් ලැයිස්තුව සකස් කිරීමේ බලපෑම් සිදුවූ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළා.

Latest News
රජය ඩොලර් බිලියන 8ක් ණය ගෙවූ කතාව ඉලක්කම් විජ්ජාවක්: පළමු මාස 3ට විදේශ ණය ඩො.මි. 788කින් සහ දේශීය ණය රු.බි. 490කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්!
Local
10 June 2026
විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද
Local
10 June 2026
කළුතර සහ ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Local
10 June 2026
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
Local
10 June 2026
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026