General07 June 2016

ගැබ්බර මුවකු මරා කල අපරාධය (ඡායාරූප)

ගැබ්බර මුවෙකු මරා මස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ අද අලුයම කල සෝදිසි මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත්වන විට සැකකරුවන් ත්‍රී රෝද රථයකින් මස් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

පන්වැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මුව මස් හම්බන්තොට වනජීවී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

සැකකරුවන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පන්වැව රක්ෂිතයේ ඇටවු කම්බි උගුලකට හසුවු මුව දෙන මරා මස් කර විකිණීම සඳහා බඳගිරිය ප්‍රදේශයට රැගෙන යමින් සිටි බවයි.

සැකකරුවන්ගේ ප්‍රකාශ මත අදාළ කැලෑ ප්‍රදේශයේ කල සෝදිසියකදී මස් කරන ලද මුව දෙනගේ සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා.

හොඳින් වැඩුනු ඉපදීමට සතියක පමණ කාලයක් ඇති කලලයක් ද එම ස්ථානයේදී තිබී ඇතැයි සඳහන්.

එම රක්ෂිතයේ කල සෝදිසියකදී අටවා තිබු කම්බි උගුල් 20 කට වැඩි ප්‍රමාණයක් ද ගලවා ඉවත්කර තිබෙනවා.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර

Related recommendation
Hiru TV News | Programmes