GSP ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා නිල වශයෙන් අයදුම් කළ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
පසුගිය බදාදා මෙම අයදුම ඉදිරිපත් කළ බවයි ඔහු සදහන් කළේ.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මේ වනවිට යුරෝපා සංචාරයක නිරත වන අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ජනකොටස ද මුණ ගැසී තිබෙනවා.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ තවදුරටත් රැදී සිටිය යුතු ද යන්න පිළිබදව ජනමත විචාරණයක් මේ මාසයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මතය වී ඇත්තේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැදී සිටීම ශ්‍රී ලංකාවට ඵලදායක වන බවයි.
මේ නිසා, ජනමත විචාරණයේදී යුරෝපයේ එකමුතු බව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජනතාවගෙන් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ඉල්ලා ඇත්තේ.
GSP ප්ලස් තීරුබදු සහනය අර්ථවත් වීමටත් නම් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැදී සිටීම අවශ්‍යතාවක්.
ශ්‍රී ලංකාව යුරෝපයට අපනයන කරන භාණ්ඩවලින් සියයට 40 ක්ම අපනයනය කෙරෙන්නේ බ්රිතාන්යයටයි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වුවහොත් ශ්‍රී ලංකාවට අපනයන සහ තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් පවතිනවා.
එවැනි තත්ත්වයක් යටතේදී බ්‍රිතාන්‍යය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට සිදුවිය හැකියි.
කෙසේ නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් සදහා දීර්ඝ කාලයක් ගතවන බවයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ.
මේ අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන, යුරෝපා සංගමයේ රටවල් ලෙස අපනයනය කිරීම සදහා පනවා තිබූ තහනම ඊයේ ඉවත් කෙරුණා.
තහනම ඉවත් කළ බව පසුගිය අප්‍රේල් 21 වනදා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළ අතර, එය මුළුමනින්ම ඉවත් කෙරුණේ ඊයේ දිනයේදීයි.
ඒ අනුව තහනම ඉවත් කිරීම සංකේතවත් කරමින් ශ්රිී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩේවිඩ් ඩැලී සහ ධීවර ව්‍යාපාරිකයෙකු අතර මසුන් හුවමාරුවක් ද දික් ඕවිට වරායේදී සිදු කෙරුණි.

ඡායාරූප-වරුණ වන්නිආරච්චි

Latest News
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026