General05 July 2016

හම්බන්තොට දී වනජීවි නිලධාරියෙකු ගිනි අවිය පත්තු වී මරුට (ඡායාරූප)

හම්බන්තොට - කටුවැව - කුරුළු උද්‍යානය අසළ දී සතුන් දඩයමේ පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවි නිලධාරියෙකු සිය ස්වයංක්‍රීය ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මිය ගියේ වලස්මුල්ල - බූවැල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හම්බන්තොට - අඩවි වන සහකාර නිලධාරී එච්.පී. ජගත් සෙනවිරත්නයි.

වස දමා සතුන් ඝාතනය කිරීමේ ජාවාරමක් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට හම්බන්තොට වනජීවි කාර්යාලය වෙත තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිය ගිය නිලධාරියා තවත් නිලධාරියෙකු සමඟ යතුරුපැදියකින් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් සමඟ පොර බැදීමක් සිදුව ඇති අතර, එහිදී සිය ගිනි අවිය ක්‍රියාත්මක වී බරපතල තුවාල ලැබූ මොහු ඇතුළත් කෙරුණේ හම්බන්තොට රෝහලටයි.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



ඡායාරූප  - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර
Related recommendation
Hiru TV News | Programmes