General17 July 2016

කටුනායක ගුවන්තොටුපල ලබන වසරේදී වැසේ

කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ මුල් භාගයේ මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙනවා.

ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඒ අනුව, ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබෙන බවයි.

ඒ අනුව, රාත්‍රී කාලයේදී පමණක් එහි ගුවන් ධාවන කටයුතු සිදුකෙරෙන අතර විකල්පයක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල යොදා ගන්නා ලෙස ගුවන් සේවාවන්ට දැනුම්දී ඇති බවයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, පලාලි ගුවන්තොටුපල කලාපීය ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම සදහා ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ සහායෙන් ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්වූ බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි වැඩිදුරටත් සදහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes