ජනප්‍රිය පාසල් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටිනවා.
ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඉසුරුපාය වෙත ගිය රජයේ වෛද්‍යවරුන් රැය පහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්රයේයි.
රජයේ වෛද්‍යවරුන් 200 ක් පමණ මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ රැඳී සිටිනවා.
කෙසේ වෙතත්, මෙම වෛද්‍යවරුන් පිරිස රැඳී සිටින අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ විදුලිය කපා හැරීමට ඊයේ රාත්‍රියේ කටයුතු කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
එහි සඳහන් වුණේ තම දරුවන්ට අගනුවර සහ වෙනත් තදාසන්න ප්‍රදේශවල ඇති ජනප්‍රියතම ජාතික පාසල් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම අමාත්‍යාංශයට බලපෑම් එල්ල කරමින් සිටින බවයි.
දිවයින පුරා ජාතික පාසල් 352 ක් පවතින නමුත්, රාජකාරී පදනම මත ස්ථාන මාරු ලබන බොහෝ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ජනප්‍රිය පාසල් 12 කටත් අඩු ප්‍රමාණයකට බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව බාලක සහ බාලිකා පාසල් ඊට ඇතුළත්.
තම වෘත්තීය සංගමයේ බලය යොදා ගනිමින් අසාධාරණ ඉල්ලීම් සිදුකරමින් ඔවුන්ගේ දරුවන් පමණක් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන මෙම ඉල්ලීම අසාධාරණ බවයි.
මේ අතර, මෙම ගැටලුව මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කුරුණෑගල, මහනුවර සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල අද පෙරවරු අටේ සිට දහවල් 12 දක්වා පැය හතරක සංකේත වර්ජනයකද නිරතවනවා.

Latest News
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026