General23 September 2016

ඩෙංගු මර්දන සතියේදී සීකා පාලනයටත් පියවර

ලබන 27 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ මෙවර ජාතික මදුරු මර්දන සතියේදී ඩෙංගු මෙන්ම සිකා වෛරසයද පාලනය අපේක්ෂා කරන බවයි.

ඊසාන දිග මෝසමේ බලපෑම උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට බලපාන බැවින් මදුරු මර්දන සතියේ සමාරම්භක උත්සවය යාපනයේදී පැවැත්වීමට සංවිධාන කර ඇත්තේ.

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගීන් 40,652 ක් හා පුද්ගල මරණ 64 ක් වාර්තා වී තිබෙනවා.

වසර අවසානයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes