වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකළ සංශෝධන නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව, වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ යන අතර, දුම්වැටි, මත්පැන්, දුරකථන සේවා සහ කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක් වැට් බද්දට යටත් කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා 82 ක් වැට් බද්දෙන් නිදහස් කර තිබීම විශේෂත්වයක්.
ඊයේ සම්මත වූ සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත හේතුවෙන් කාර්තුවකට මිලියන 100 ක් පැවති තොග හා සිල්ලර වෙළදාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව මිලියන 12 යි දශම 5 දක්වා පහත දමා තිබෙනවා.
එමෙන්ම, කාර්තුවකට මිලියන 3 යි දශම 7 යි 5 ක්ව පැවති වැට් ලියාපදිංචි කිරීමේ සාමාන්‍ය සීමාව මිලියන 3 දක්වා පහත දැමුණා.
මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ දුම්වැටි, මත්පැන්, දුරකථන සේවා, විදුලි උපකරණ, සුවද විළවුන්, ආභරණ සහ කිරිපිටි මෙවර වැට් බද්දට යටත් කර තිබීම හේතුවෙන් ඒවායේ මිල ඉහළ යා හැකියි.
ඖෂධ, බාහිර රෝගී සේවා, සැත්කම් සේවා, කාන්දු පෙරණ ප්‍රතිකාර සදහා වැට් බදු පනවා නැහැ.
එහෙත්, සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, චැනල් සේවාවන්ට අයත් විශේෂඥ වෛද්‍ය ගාස්තු සහ රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර තිබෙනවා.
නිවාස අලෙවි කිරීම වැට් බද්දෙන් නිදහස් කර ඇති අතර සීනි, පරිප්පු, කරවල, එළවළු, පළතුරු, අල, රතුළුෑණු, බීළුෑණු, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය 31 ක් ද වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
ඞීසල්, පෙට්‍රල්, භූමිතෙල්, ජංගම දුරකථන, ඉදිකිරීමේ උපකරණ, පරිගණක සහ උපාංග, ධීවර උපකරණ ඇතුළු තවත් භාණ්ඩ රැසක් ද වැට් බද්දෙන් නිදහස්.
සියයට 2 ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ වෙනසක් සිදුනොකළ ද කාර්තුවකට රුපියල් මිලියන 3 යි දශම 7 යි 5 ක්ව පැවති පිරිවැටුම් පරිමාව මිලියන 3 දක්වා අඩු කර තිබෙනවා.
දුරකථන, සන්නිවේදන සේවා, විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇති නමුත්, ජාතිය ගොඩගැනීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් සිදුනොවන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.
එහෙත්, අලුතින් ආරම්භ කරන ව්‍යාපාර සදහා මෙමගින් බලපෑමක් ඇතිවිය හැකියි.
බදු අය නොකෙරෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව පහතින්....

Latest News
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
Local
20 August 2026
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
Local
20 August 2026
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026