International29 December 2016

චීනයේ සිදුවූ පිපිරීමකින් සහ වෙඩි තැබීමකින් පස්දෙනෙකු මරුට

චීනයේ ෂින්ජියෑං ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක් තුළ සිදුවූ පිපිරීමකින් සහ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

ආයුධ රැගත් පිරිසක් ෂින්ජියෑං ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂයට අයත් ගොඩනැගිල්ලක් තුළට මෝටර් රථයක් ධාවනය කර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී එම මෝටර් රථයේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, චීන ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ පැමිණි ආයුධ සන්නද්ධ පිරිසෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීන බලධාරීන් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට අනුමාන කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes