General03 January 2017

ආනයනික සහල්වලටත් පාලන මිලක්

ආනයනය කරනු ලබන සහල් සදහා පාලන මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කළ බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පි.හැරිසන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊට අදාළ ටෙන්ඩර් පත් අද විවෘත කරන බවත් ඉදිරි සති දෙක තුන තුළ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ වී තොග නිකුත් කිරීමේදී තමන් කොමිස් ලබාගෙන ඇති බව ඔප්පු කළහොත් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

Related recommendation
Hiru TV News | Programmes