හම්බන්තොට - මිරිජ්ජවිල ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා සංවර්ධන කලාපය දියත් කිරීමේ අවස්ථාවේදී ඒ ආසන්නයේ කළහකාරී ලෙස හැසිරුණු 52 කු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
පසුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු 21 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
තවත් දෙදෙනෙකු ජනවාරි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
හම්බන්තොට - මිරිජ්ජවිල ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා සංවර්ධන කලාපය ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
කෙසේ වෙතත්, මෙම උත්සවය ආරම්භ වීමට පෙර සිටම උත්සව භූමිය අවට ක්‍රියාත්මක වූ විරෝධතා හේතුවෙන් එම ප්‍රදේශයේ ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්.
ප්‍රදේශ කිහිපයක සිට විරෝධතා පෙළපාලි වලින් ඔවුන් උත්සව භූමිය වෙත පැමිණියා.
උත්සව භූමිය ආසන්නයට විරෝධතාවයේ නිරත පිරිස පැමිණීමත් සමග ඔවුන් සහ උත්සව භූමිය තුළ සිටි පිරිස් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
උත්සව භූමියට පිටතින් සිටි විරෝධතාකරුවන් මෙන්ම උත්සව භූමිය තුළ සිටි පිරිස් ද එකිනෙකාට ගල්මුල් ප්‍රහාර එල්ල කරගනු ලැබුවා.
මෙම අවස්ථාව පාලනය කිරීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරලි මර්දන ඒකකය ද කැදවා තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
එහිදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරුණා.
මෙම ගැටුමේදී 23 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් 11 දෙනෙකු පොලිස් නිලධාරින් බවයි හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
ඔවුන් මෙලෙස විරෝධතා දැක්වූයේ ඊයේ සිට දින 14 ක කාලයක් හම්බන්තොට ප්‍රදේශයේ තෝරා ගත් ස්ථාන 6 ක උද්ඝෝෂණ, පෙළපාලි, රැස්වීම් පැවැත්වීම හෝ ඊට නායකත්වය දීම තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි.
අදාළ නියෝගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු වගඋත්තරකරුවන් 26 දෙනෙකු සදහා නිකුත් කර තිබුණා.
ඉදිරි වසර තුනත්, 5ත් අතර කාලය තුළ හම්බන්තොට - චීන - ශ්‍රී ලංකා කර්මාන්ත කලාපයේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආයෝජනයක් සිදුකිරීමට සූදානම් බවයි ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති යී - ෂියැංලියැං ප්‍රකාශ කළේ.
එහිදී අවම වශයෙන් රැකියා ලක්ෂයක් නිර්මාණය වනු ඇති බවක් ඔහු සඳහන් කළා.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026