General13 January 2017

ගන්දර පෙරහරේ අලියෙකු කුලප්පු වේ

මාතර - ගන්දර - විජයරත්නාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දුරුතු පෙරහරේ ගමන්ගත් අලියෙකු ඊයේ (12) රාත්‍රියේ කුලප්පු වී තිබෙනවා.

අලියා කුලප්පු වීමෙන් පෙරහැරේ ගමන් ගත් පිරිස් සහ පෙරහර නැරඹීමට පැමිණි පිරිස් කළබලයට පත්වී ඇති බව සදහන්.

පසුව ඔවුන් ඒ මේ අත, දුවගොස් ඇති අතර, ඇත්ගොව්වන් කිහිපදෙනෙකු, වනජිවි නිලධාරින් සහ පොලිසියේ මැදිහත්වීමෙන් අලියා නිර්වින්දනය කර තත්ත්වය පාලනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, කුලප්පු වූ අලියා පහරදීමෙන් ත්‍රිරෝද රථ 4 ක් සහ මෝටර් රථයකට අලාභ හානි සිදුව ඇති බවයි ගන්දර පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

එමෙන්ම, විදුලි කණු 4 කට සහ දුරකථන කණු 3කට ද අලාභ හානි සිදුව තිබෙනවා.

කළබලයට පත්වී දිව යාමේදී පුද්ගලයන් කිහිපදෙනෙකුට සුළු සීරිම් තුවාල සිදුව ඇති බව ගන්දර පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මෙම අලියා පෙරහැරේ ගමන් කරමින් සිටියදී ඔහුගේ මුහුණට වැටුණු ආලෝක ධාරාවක් හේතුවෙන් මෙලෙස කුලප්පු වන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes