මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය නිම කරන සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියට නීත්‍යානුකූල අවසරය හිමි වන බව අභියාචනාධිකරණය අද තීන්දු කළා.
ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා විසින් ප්‍රකාශයට පත් කරමින්.
තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසිනුයි මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.
එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම් සහ වෛද්‍ය සභාව ඇතුළු 17 දෙනෙකු නම් කර තිබුණා.
සයිටම් ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභා පණත යටතේ ලියාපදිංචි ආයතනයක් බැවින් එම ආයතනයෙන් ලබාදෙන උපාධිය නීත්‍යානුකූල බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ කියා සිටියේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ඉදිරිපත් කළ මූලික විරෝධතාව අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
මේ අතර, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දිනයේ ද අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වුණා.
එම ස්ථානයේ සිටි හිරු මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ වෛද්‍ය සිසුන් කළු පැහැති මුඛ වාඩම් පැළඳ, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මීට එක්ව සිටි බවයි.

Latest News
මහනුවර ඇසළ පෙරහරේ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
සී.බී.රත්නායකට එරෙහි නඩුවක් කල් යයි
Local
21 July 2026
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවතත් වරෙන්තු
Local
21 July 2026
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා, දුරගමන් සේවා සඳහා බස් රථ 600ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026