General10 February 2017

අඟුණුකොලපැලැස්සේ ඉදිවන සුපිරි බන්ධනාගාරය (ඡායාරූප)

රුපියල් මිලියන 4996 ක වියදමින් අක්කර 56 ක භූමි ප්‍රමාණයක් පුරා ඉදි කෙරෙන අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැඩ කටයුතු මේවන විට 98 % කින් අවසන් බව අප වාර්තාකරු පවසනවා.

මෙහි වැඩකටයුතු ආරම්භ කෙරුණේ 2014 මැයි 16 වැනිදායි.  

මෙම බන්ධනාගාරයේ රැඳවියන් 2000 ක් පමණ රඳවා තැබිය හැකි බවයි වාර්තාවන්නේ.

එම නව බන්ධනාගාරයේ රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, කර්මාන්තශාලා සඳහා වෙනම ගොඩනැගිල්ලක්, නිලධාරීන් සඳහා නිල නිවාස 140 ක් වගේම ධාවන පථයක්, මීටර් 25 කින් යුත් පුළුල් පිහිණුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ,බන්ධනාගාර නිෂ්පාදන වෙළෙඳ සංකීර්ණයක් සහ අවන්හලක් අන්තර්ගතයි .

එමෙන්ම බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් සඳහා පෙර පාසලක් සහ බන්ධනාගාර නිලධාරින්ගේ දරුවන් සඳහා වෙනම පෙර පාසලක්ද මෙහි වනවා.





ඡායාරුප - අඟුණුකොලපැලැස්ස අජිත් පුෂ්පකුමාර

Related recommendation
Hiru TV News | Programmes