General31 March 2017

සරත් වීරසේකරගෙන් චෝදනා

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිරිස් ශ්‍රී ලංකා හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සැලසුම්සහගත ක්‍රියාවලියක නිරත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ජිනිවා සංචාරය අවසන් කර ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සදහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන ඒමට කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි.

Related recommendation
Hiru TV News | Programmes