General31 March 2017

ජනමත විචාරණය ගැන ආණ්ඩුව එක් මතයකට

ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වනවා.

පසුගිය 27 වන දා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙම එකඟතාවය පළ කළ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අදාළ සාකච්ඡාව සඳහා විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් ද සහභාගි වුණා.

කෙසේ වෙතත්, මෙහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පෙන්වා දී ඇත්තේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනිවාර්යෙන් කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ප්‍රථමයෙන් සිදුකර පසුව නව ව්‍යවස්ථාවක් සකස් කිරීම කෙරෙහි මෙහිදී අවදානය යොමුව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes