General01 April 2017

බත්තරමුල්ලේ ගණිකා නිවාසයක් වටලා තරුණියන් 04 දෙනෙකු අත්අඩංගුවට

බත්තරමුල්ල, පොල්දූව පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සදහන්.

එහිදී අදාල ස්ථානයේ කළමණාකාරවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සහ තරුණියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණියන් 19, 20, 21, 23 යන වයස්වල පසු අය බවයි වාර්තා වන්නේ.

ඔවුන් බැලුම්මහර, තණමල්විල, වෙන්නපුව සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවට අනාවරණය වී ඇති අතර ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes