නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පථය හෙට (06) විවෘත කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි කියා සිටියේ ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට මෙතෙක් සීමා කර තිබූ සියලූ ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.
පසුගිය ජනවාරි මස 6 වනදා එහි අලූත්වැඩියා කිරීම් ආරම්භ කළ අතර, ඒ අනුව මීටර 45 ක පළලින් යුත් ධාවන පථය මීටර 60 දක්වා පුළුල් කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ තුළ ගුවන් ධාවන පථ දෙකක් පවතින අතර , ඉන් පලමුවැන්න ඉදිකර ඇත්තේ 1970 වසරේදීයි.
එය දැනට උප ධාවන පථය ලෙස භාවිතාවට ගනිමින් පවතී.
දැනට භාවිතා කරන ප්‍රධාන ගුවන් ධාවන පථය 1986 දි කැනඩා රජයේ ආධාර මත ඉදිකර තිබේ.
අලුතින් ධාවන පථය සකස් කිරීමේ දී ප්‍රථමයෙන් උප ධාවන පථය සකසා නිම කර ඇති අතර, පසුව පළළ මීටර් 60 ක් ව තිබූ ප්‍රධාන ගුවන් ධාවන පථය මීටර් මීටර් 75 දක්වා පුළුල් කිරීම සිදු කර ඇත.
එහි දෙවන පියවර ලෙස දිගින් මීටර් 3350 ක්වූ ගුවන් ධාවන පථය මත තුන් වරක් නව ආස්තරණයන් අතුරා එය ශක්තිමත් කර තිබේ .
මීට අමතරව මෙතෙක් ගුවන් ධාවන පථයේ භාවිතා වූ පැරණි විදුලි ආලෝක පද්ධති ක්‍රමය ගලවා ඉවත් කර ස්වයංක්‍රීය ඩිජිටල් ආලෝක ධාරා පද්ධතියක් ද සකස් කර තිබීම විශේෂත්වයක්.
නවීකරණ කටයුතු වලින් පසු හෙට (06) දහවල් 12.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ නව ගුවන් ධාවන පථය විවෘත කිරීමට නියමිතය.
ඒ සදහා එම වේලාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් නව ධාවන පථය මත ගොඩබෑමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙතෙක් A-380 වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සීමේදී සහ පිටත්ව යෑමේදී මතු වූ දුෂ්කරතා පහවී යනු ඇති.
මීට පෙර එවැනි ගුවන් යානා කීපයක් වරින්වර කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සුවද , එය සිදු කළේ ආරක්ෂක හේතු මත හෝ හදිසි අවස්ථාවලදී පමණි.
එහෙත් ලොව විශාලතම ඕනෑම වර්ගයේ ගුවන් යානයක් කිසිදු අපහසුවකින් තොරව මෙහෙයවීමට අවශ්‍ය පහසුකම් දැන් කටුනායක ගුවන් තොටුපළ තුළ සකස් කර තිබේ.

ඡායාරූප - ටී කේ ජී කපිල කටුනායක

Latest News
වෙබ් අඩවියේ දෝෂයක් නිසා නොමිලේ නිකුත් වූ ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමට පියවර
Local
06 June 2026
2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්: ගිම්හානි වෙනුවට විමුක්ති සංචිතයට
Local
06 June 2026
හිරු ජෝන් ටාබට් කනිෂ්ඨ මලල තරග අදත්
Local
06 June 2026
ඩෙංගු යළි අවදානම්: ගත වූ කාලයේදී මරණ 20ක් සහ රෝගීන් 35,300ක්
Local
06 June 2026
එක්සත් ජාතීන්ගේ ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ සමුළුවේ ප්‍රධාන දේශනයක් සඳහා ලාංකීය තරුණියක තේරී පත්වෙයි
Local
06 June 2026
2026 ලෝක කුසලානයට සමගාමීව Netflix හරහා නවතම FIFA වීඩියෝ ක්‍රීඩාවක් හඳුන්වා දෙයි
Local
06 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 75 ඉක්මවූ තද වැසි
Local
06 June 2026
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
06 June 2026
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026