ශ්‍රී ලංකාවේ වරාය, ප්‍රවාහන, යටිතල පහසුකම් හා වෙනත් ජාතික මට්ටමේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා විශේෂ සහයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අද පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලදීයි.
ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇති කරලීම සඳහා පදනම් වන නව ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන්ද ජපානයේ පූර්ණ අනුග්‍රහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සඳහන් කළා.
එසේම ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ඉන්දියන් සාගරයේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ජපානය සූදානම් බවයි ඔහු කියා සිටියේ.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඉන්දීය සාගරය භාවිත කරන රාජ්‍යයන් හා ඉන්දීය සාගර කලාපීය රාජ්‍යයන් සියල්ල ඒකාබද්ධ කර ගනිමින් විශේෂ ඉන්දු සාගර සමුළුවක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටින බවයි.
මෙම සමුළුව ඔස්සේ ඉන්දීය සාගර කලාපය සඳහා පොදු ආචාර ධර්ම හා නීතිරීති පද්ධතියක් සැකසීමේ පදනම නිර්මාණය කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
ත්‍රිකුණාමලය නගර සහ වරාය සංවර්ධන සැලැස්ම සකස් කිරීමෙන් පසු ඉන්දියාව සමඟ එක්ව එම කාර්යයන් සඳහා සම්බන්ධවීමට ජපානය පැමිණෙන්නේ නම් එය සතුටින් පිළිගන්නා බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
මෙම ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව ජපාන - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකටද එක්වුණා.
මේ අතර ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කාර්යයන් සම්බන්ධීකරණ කටයුතු සඳහා ජපාන විශේෂ නියෝජිතයෙකු ලෙස එරට අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතේ ඉසුමි මහතා පත්කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන නිල සංචාරය අතරතුර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ බව අනාවරණ වුණා.

Latest News
අද සහ හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි
Local
10 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
10 August 2026
උසස් පෙළ විභාගය අදයි - පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථානවලට යන්න
Local
10 August 2026
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026