General03 May 2017

මහබැංකු වාර්ෂික වාර්තාව ජනාධිපතිට පිළිගන්වයි

2016 වර්ෂය සදහා ප්‍රකාශයට පත් කෙරුණු මහ බැංකු වාර්ෂික වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වනු ලැබුවා.

ඒ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින්.

ජනාධිපති නිල නිවසේ පැවති වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, සහකාර අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය ඉන්ද්‍රරත්න ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes