මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක් දියත් කර ඇති වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
අද උදෑසන 8ට ආරම්භ කෙරුණු වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර සහ සායනික කටයුතු වලට බාධා එල්ල වුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ලබන 9 වනදා රැස්වන තම සංගමයේ මධ්‍යම කාරක සභාව මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ සිය වැඩ වර්ජනය සාර්ථක බවයි.
කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් වෙත පැමිණි ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.
ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය ද අද ආරම්භ කෙරුණු වැඩවර්ජනයට සහය පළ කළා.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ වර්ජනය අසාර්ථක බවයි.
මෙම වර්ජනයෙන් දුම්රිය සේවාවන්වලට ද බාධා මතුවුණා.
කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක නියාමකවරයා දෙමටගොඩ දී දුම්රියෙන් බැස ගොස් තිබූ අතර, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක රියදුරු මහව දුම්රිය ස්ථානයේදී ඉන් බැස ගොස් තිබුණා.
කෙසේ වෙතත්, කෙටි ප්‍රමාදයකින් පසු දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බවයි පාලක මැදිරිය සදහන් කළේ.
දුම්රිය ගමන් වාර රැසක් වර්ජනය හේතුවෙන් අවලංගු කර තිබුණා.
මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ කියා සිටියේ දුම්රිය නියාමකවරුන්ගේ වගකීම් බලහත්කාරයෙන් තමන් මත පැටවීමට බලධාරීන් උත්සාහ කළ නිසා සේවා කටයුතුවලින් ඉවත් වී වර්ජනයට සහය දෙන බවයි.
එහෙත් පසුව එම බලපෑම් පහව ගිය බව පවසමින් ඔවුන් එම තීරණය අතහැර තිබුණා.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය ගෙන දියත් කර ඇති වැඩ වර්ජනයට සහය පළ කරමින් ඛනිජ තෙල්, විදුලි, තැපැල්, වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

Latest News
භෞතික සංවර්ධනයට වඩා රටකට වැදගත් වන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනයයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 July 2026
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026
දහස් නමක් මහා සඟරුවනට පිදුණු 'හිරු රාජධර්ම ප්‍රතිපදා' සංඝගත දක්ෂිණාව කැලණි විහාරයේදී"
Local
29 July 2026
ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
29 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට
Local
29 July 2026