General12 May 2017

පොළොන්නරුවේ අනතුරකින් 4 ක් දිවි ගමනින් සමුගනී (ඡායාරූප)

පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හබරණ සිට පොළොන්නරුව දෙසට ධාවනය වු බස් රථයක යතුරුපැදිය ගැටීමෙන් අද අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව බැඳිවැව සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 / 24 සහ 48 වයස්වල පසුවු හතර දෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය හතරදෙනාගේ මෘත දේහයන් පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති අතර පොළොන්නරුව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.



ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර
Related recommendation
Hiru TV News | Programmes