General06 June 2017

ගං වතුරත් එක්ක ගොඩට පැමිණි දැවැන්තයා

අඩි 15කට වඩා දිගින් යුත් කිඹුලෙක් අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා.

එම ප්‍රදේශයේ තේ ඉඩමක සිටියදීයි මෙම දැවැන්ත කිඹුලා සොයාගෙන ඇත්තේ.

ඊයේ පස්වරුවේ තේ දළු නෙලමින් සිටි කාන්තාවකගේ පයට මෙම සත්වයා පෑගී ඇති අතර පසුව ඇය විසින් සත්වයා පිළිබදව ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා.

වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් පැය දෙකකට වඩා මෙහෙයුමකින් අනතුරුව සත්වයා අල්ලා ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ අල්ලාගත් කිඹුලා මුදා හැරිම සදහා වනජීවී නිලධාරින් විසින් රැගෙන ගිය බවයි.

පසුගිය දා පැවති ගංවතුර හේතුවෙන් මෙම සත්වයා මෙලෙස ගොඩබිමට පැමිණ අතරමංවන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.



Related recommendation
Hiru TV News | Programmes