General24 June 2017

ඩෙංගු 69,380 ඉක්මයි

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 69,380 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු මරණ 200ක් සිදුවී ඇති අතර, රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

පාසල් ළමයින් අතර ඩෙංගු රෝගය පැතිරීම ද සියයට 20කින් පමණ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

විශේෂයෙන් ඩෙංගු වාහක මදුරුවන් පෙරවරු 6 සිට 9 දක්වා කාලය තුළ සක්‍රියව සිටීම ඊට හේතුවයි.

මේ නිසා පාසල්වල දිනපතා පෙරවරු 11 සිට 12 දක්වා පිරිසිදු කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඩෙංගු වෛරසයේ ප්‍රභේද 4ක් අතුරෙන් වැඩිම සංකූලතාවක් සහිත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසය වැඩි වශයෙන් දක්නට ලැබීම නව ප්‍රවණතාවක් බව ඩෙංගු ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes