General21 July 2017

ඩෙංගු රෝගීන් ලක්ෂයට ළං වෙයි - පාලනය නොකොලොත් සංචාරක කර්මාන්තයටත් බලපෑම්

ඩෙංගු රෝගය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා සීමා පැනවීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කළේ රෝගය මර්දනය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ද ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, ඩෙංගු මර්දන වැඩපිළිවෙලට සහාය දීම සදහා කීට විද්‍යාඥයෙකු සහ ඩෙංගු කළමනාකරණ විශේෂඥයින් දෙදෙනෙකු මෙරටට එවා ඇති බව එහි සදහන්.

කෙසේ නමුත්, ඩෙංගු රෝගය පාලනය නොකළහොත් ඉදිරියේදී එය සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල කළ හැකි බව ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් පවසනවා.

දැනට ඩෙංගු රෝගය වැළදී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී ඇති අතර, දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 290 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර, ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ තුන්වන අදියර අද ක්‍රියාත්මකයි.

ඒ යටතේ පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම ආරම්භ කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes