ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොසලකා හරින්නේ නම්, ඉදිරියේදී එම තාක්ෂණික කමිටුවලට තම සංගමය සහභාගි කරවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට පටහැනිව කටයුතු කරන්නේ නම්, වාර්ෂිකව රජයට රුපියල් මිලියන 15,000කට අධික පාඩුවක් සිදුවන බවයි.
මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් මෙම කෙරවලපිටිය විදුලි බලාගාරය සඳහා රජය ටෙන්ඩර් කැදවූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් 08ක් අතරින් සමාගම් 06ක් සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලැබී තිබුණා.
ඒ අනුව සමාගම් 06 අතුරෙන් මිල ගණන් සලකා බලා එක් සමාගමක් තෝරා ගැනීම සුදුසු බවටයි කමිටුව නිර්දේශ කළේ.
කෙසේ වෙතත්, ටෙන්ඩර් මණ්ඩලය සමාගම් හයෙන් එක් සමාගමක පමණක් ටෙන්ඩරය විවෘත කර තිබුණා.
එහිදී අනෙකුත් සමාගම් ඊට විරෝධය පළ කළ බව සඳහන්.
අදාළ ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් ද විමසීමක් කළා.
අමාත්‍යවරයා සදහන් කළේ ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකරන බවයි.
කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා නිසා පවතින නියං සහිත කාලගුණ තත්වය සමඟ ඉදිරි වසර කිහිපය තුළ දී ඉහළ යන විදුලි ඉල්ලුම හේතුවෙන් තවදුරටත් නව විදුලි බලාගාරයක අවශ්‍යතාවය දුරස් වී යනු ඇති.
මේ හේතුව නිසා යළිත් වරක් ටෙන්ඩර් කැදවීමක් සිදුවුවහොත් එය රටේ විදුලි ඉල්ලුමට බලපාන බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026
මිලියන 50කට අධික මත්ද්‍රව්‍ය සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
08 September 2026
ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඉන්දුනීසියාවේ මගීන් 340,000ක් අපහසුතාවයට
Local
08 September 2026
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
Local
08 September 2026
අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
Local
08 September 2026
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙකු රිමාන්ඩ්
Local
08 September 2026
මියාමිහි අනතුරට පත් ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයා ගැනේ
Local
08 September 2026