උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් පසු පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

Saturday, 19 August 2017 - 18:33

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මෙවර උසස් පෙළ විභාගයේ අද (19) පැවති රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් තම සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින්, උපකාරක පන්ති ගුරුවරයෙකු අත්පත්‍රිකා බෙදා හැරීමක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද සිදුකළ බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සදහන් කළේ.

නීතිරීතිවලට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වුවත්, බොහෝ උපකාරක පන්ති ගුරවරුන් විභාග අවසානයේ මධ්‍යස්ථාන අසලට යොමුකරන තම නියෝජිතයින් හරහා අත්පත්‍රිකා බෙදා හරිනු ලබනවා.

අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උපකාරක පන්ති පවත්වන රසායන විද්‍යා ගුරුවරයෙකු ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ඉදිරිපිට මෙවැනි අත්පත්‍රිකාවක් බෙදා හැර තිබුණා.

එහි සදහන්ව තිබුණේ ‘‘මේ මොහොතේ ඔබ මුහුණදුන් ප්‍රශ්න පත්‍රය හා අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍රය සංසන්දනය කර බලන ලෙසයි.’’

පෙරවරු 11.30ට අවසන් වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටස් ඉන් මිනිත්තු 5 කට පමණ පසු ලබාදුන් අත්පත්‍රිකාවේ එලෙසම තිබීම සම්බන්ධයෙන් සිසුන් තුළ මතුව ඇත්තේ දැඩි සැකයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories