කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේදී පුද්ගල කණ්ඩායමක් කපා දැමීමෙන් තුවාල ලැබූ යුද හමුදා නිළධාරීන් දෙදෙනාගෙන් අයෙක් අද(25) ජාතික රෝහලට මාරුකොට යවා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ යුද හමුදා නිළධාරීන් කපා දැමීමේ සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවද කිලිනොච්චිය පොලිසිය තොරතුරු අනාවරණය කොටගෙන තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ කිලිනොච්චිය හත්වන සේවා බළකායට අයත් රාමලිංගම් අරුල්රාජ් නමැති 25 හැවිරිදි නිළධාරියා ජාතික රෝහලට මාරුකොට යවා ඇති අතර, නිළධාරියාගේ තත්වය තරමක් බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් නිළධාරියා වන ශිවගුරු ලක්ෂන් නමැති 26 හැවිරිදි යුධ හමුදා නිළධාරියා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාළ නිළධාරීන් දෙදෙනාම කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මාසික නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින අවස්ථාවක සිදුවු ගැටුමකින් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
Update : Friday, August 25, 2017 11.10 am
...........................
යුධ හමුදා නිළධාරීන් දෙදෙනෙකු කිලිනොච්චියේදී කපාදමයි
කිලිනොච්චිය,ඌට්ට්‍රපුලම් ප්‍රදේශයේදී යුධ හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඊයේ(24) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ අදාළ නිළධාරීන්ගේ වම් අත් කපා දමා ඇති බවත්, තුවාලකරුවන් කිලිනොච්චිය රෝහළට ඇතුළත් කොට ඇති බවයි.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන අතර යුධ හමුදා නිළධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළ පිරිස සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය පවසනවා.
අදාළ ප්‍රහාරය සංවිධානාත්මක කල්ලියක ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක / වව්නියාව මාධව කුලසුරිය

Latest News
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026