General30 August 2017

ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම් දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම් එස් ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 5 ට පමණ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුලු දුත පිරිස කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.

මෙරටදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවට සහභාගී වීම එස් ජයශංකර්ගේ සංචාරයේ අරමුණයි.

ඔහු පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපලට පැමිණ සිටියා.
Related recommendation
Hiru TV News | Programmes