General02 September 2017

හදිසි අනතුරකට ලක්වූ ගීතා කුමාරසිංහ රෝහල් ගත කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ සිය නිවසේ සිදුවූ හදිසි අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඇය එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඇයගේ දෑත්, උදරය සහ පාදවලට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නිවසේ ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.



Related recommendation
Hiru TV News | Programmes