General14 September 2017

සයිටම් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට

මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛණ ගත කර තිබෙනවා.

ඒ අනුව මහාබ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ පී.එල්.ඒ.බී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට සයිටම් ආයතනයේ සිසුන්ට හැකිවන්නේ නැහැ.

මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ නිල වෙබ්අඩවියේ දැක්වෙන පරිදි රටවල් 11 ක වෛද්‍ය විද්‍යාල 14 ක් අසාදු ලේඛණ ගත කර තිබෙනවා.

ඒ අතර දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන මෙරට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයද ඇතුලත්.

එමෙන්ම දින 30 ක් ඇතුලත බිළිදු මරණ 52 ක් සිදුවීම නිසා පසුගියදා දැඩි කතාබාහට ලක්වූ ඉන්දියාවේ මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලයද මෙම අසාදු ලේඛණයට ඇතුලත්ව තිබෙනවා.

මහාබ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රධාන කාර්ය භාර්ය වන්නේ පුරවැසියන්ට මනා සෞඛ්‍ය සේවයක් ලබාදීම සදහා සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ කළමණාකරණය කිරීමයි.  

ඒ සදහා එම සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී රෙගුලාසි රැසක් පනවනු ලබනවා.

මහා බ්‍රිතාන්‍ය නීතියට අනුව සුදුසුකම් රහිත පුද්ගලයෙකුට වෛද්‍ය සභාවේ සාමාජිකත්වය ලබාදීම බරපතල අපරාධයක් වනවා.

ඒ අනුව එම වෛද්‍ය සභාව රට තුළ පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාල හා එම සභාවේ ලියාපදිංචිය අයැදුම්කර ඇති වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය පිළිබදව දැඩි සැළකිල්ලක් යොමු කරනවා.





බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ අදාළ තොරතුරු දක්වා ඇත්තේ මේ ආකාරයෙන්..
Related Recommends
Hiru TV News | Programmes