General24 September 2017

වන අලි සංගණනයක් ජනවාරියෙන් පසු

දිවයිනම ආවරණය වන පරිදි වන අලි සංගණනයක් සිදුකිරීමට පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසනවා.

නිවැරදි වනඅලි තත්ත්ව වාර්තාවක් ලබාගැනීමේ අරමුණින් සිදුකරන මෙම සංගණනය දිවයින පුරාම ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව ලබන ජනවාරි මාසයෙන් පසුව මෙම සංගණනය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් එය දින 2ක් 3 ක් පමණ කාලයක් ඇතුළත සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

මෙරට වන අලි 5000 - 8000 ත් අතර සංඛ්‍යාවක් සිටින බවට ඇතමුන් ප්‍රකාශ කළත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes