දිඹුල බෝගහවත්ත ප්‍රදේශයේදී අතුරුදන්වු සය හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් ඇලක තිබියදී සොයාගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම දරුවා පේර කැඩීමට ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුනා.
කෙසේවෙතත් දරුවා සොයා ගැනීමට හැකියාවක් ලැබී තිබුනේ නැහැ.
මේ හේතුවෙන් අද උදෑසන පේර කැඩීමට ගිය ගස අසලින් මහවැලි ගගට ජලය ගලා බසින බෝගහවත්ත ඇල පරීක්ෂා කිරීමේදී එහි තිබී දරුවාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
දරුවා ඇළට වැටුනේ කෙසේ ද යන්න පිළිබඳ දිඹුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදු කරන බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලට රැගෙන යාමට නියමිතයි.

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ

Latest News
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
Local
24 July 2026
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවේ විමර්ශන ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝග
Local
24 July 2026
රු. මිලියන 16.5ක දූෂණ චෝදනාවකට හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් අත්අඩංගුවට
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
Local
24 July 2026