General14 November 2017

දේශීය ටින් මාළු කර්මාන්තයට බලපෑම් ?

මෙවර අයවැය මගින් ආනයනික ටින් මාළු සඳහා බදු සහන ලබාදීම දේශීය ටින් මාළු කර්මාන්තයට ඍජුව බලපා ඇති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කළා.

ඔහු අද මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමින්.

ඊට පිළිතුරු ලබාදෙමින්  ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පසුගිය කාලවකවානුව තුළ අවස්ථා කිහිපයකදී ආනයනික ටින් මාළු සඳහා වන බද්ද වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.  

Related recommendation
Hiru TV News | Programmes