General16 November 2017

ගලේවෙල ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් රඳවාගනී (ඡායාරූප)

ගලේවෙල - දඩුබැඳිරුප්ප ප්‍රදේශයේදී වනජීවී නිලධාරීන් 15 දෙනෙකු පමණ ප්‍රදේශවාසීන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවට වර්තාවනවා.

අදාළ ප්‍රදේශයේ දින කිහිපයක් තිස්සේ සිදුකළ වන අලි පළවා හැරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ඔවුන් මෙලෙස වනජීවී නිලධාරීන් රඳවාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

වන අලි පළවා හැරීම සඳහා භාවිත කරන අලි වෙඩි අවසන්වීම හේතුවෙන් වනජීවී නිලධාරීන් එම මෙහෙයුම තාවකාලිකව අවසන් කර පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.

එහෙත් ප්‍රදේශවාසීන් එම තීරණයට විරෝධය පළ කර ඇති අතර, අදාළ මෙහෙයුම නැවත ආරම්භ කරන තුරු ඔවුන් වනජීවී නිලධාරින් සිය ග්‍රහණයට නතුකරගෙන සිටි බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

තත්ත්වය පාලනය කිරීමට එම ස්ථානයට පොලීසිය ද පැමිණියා.

කෙසේ වෙතත්, ගම්වාසින්ගේ ග්‍රහණයට ලක්වූ වනජිවි නිලධාරින්ට ගම්වාසීන් විසින් දිවා ආහාරය ලබාදීම ද විශේෂත්වයක්.

පසුව මෙහෙයුම අඛන්ඩව ක්‍රියාත්මක කරන බවට වනජිවි අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුවයි ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් විසිර ගොස් ඇත්තේ.


ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර
Related recommendation
Hiru TV News | Programmes