General17 November 2017

ජාතික කොඩිය ඔසවන්න බෑ කියූ උතුරේ අධ්‍යාපන ඇමතිට රාජ්‍ය ඇමතිගේ විරෝධය

උතුර පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්.සර්වේෂ්වරන් ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළේ නම් ඔහු එම අමාත්‍ය තනතුරේ රැඳී සිටීමෙන් ඵලක් නොවන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ සිංහල පාසලක ඊයේ පැවති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ උතුර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා එම අවස්ථාවේදී ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික ධජය ඔසවා උත්සවය ආරම්භ කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes