General20 November 2017

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 153 ක් සොයාගැනේ (ඡායාරූප)

පේදුරුතුඩුව මුහුදු සීමාවේ පාවෙමින් තිබූ කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 153 ක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ මුහුදු මාර්ගය ඔස්සේ මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙනවිත් ඇති බවට සැක පළ කරන බවයි.

අදාළ කේරළ ගංජා තොගය කිසියම් පිරිසක් ඊයේ මුහුදට දමා පළාගොස් ඇති බවට තොරතුරු හෙලිව තිබෙනවා.



ඡායාරූප - වවුනියාව, මාධව කුලසූරිය 
Related recommendation
Hiru TV News | Programmes