මුලතිව් පුදුකුඩිඉරිප්පු කයිවේලි කැලෑවේදී නිධන් වස්තු හා යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බවට සැකකෙරෙන මුදල් හා රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ ගත් 11 දෙනෙකු ඊයේ (25) රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.
පුදුකුඩිඉරිප්පු පොලිසියට ලැබුනු තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් යුත් එහි නිලධාරීන් පිරිසක් විසින් කයිවේලි කැලෑවේ සිදු කළ විශේෂ සොදිසි මෙහෙයුමකදී නිධන් හා රන් හාරමින් සිටි පිරිස එම අවස්ථාවේදීම අත්අඩංගුවට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය,කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය,කොටහේන, මාකඳුර, කොට්ටාව, ගම්පොළ හා වැලිවේරිය යන ප්රදේශවල සිට පැමිණි 11 දෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.
නිධන් වස්තු ඇති බවටත් අදාල ප්රදේශයේ යුද සමයේදී කොටි සංවිධානයට අයත් කඳවුරක් ද තිබූ හෙයින් රත්තරන් හා මුදල් වලදමා ඇති බවට වූ සැකය හේතුවෙන් අදාල පිරිස් විසින් අඩි 5 ක් පමණ වලක් කපමින් සිටින අතරතුර එකවරම පොලිස් නිලධාරීන් එම ස්ථානයට කඩා වැදි ඔවුන් සතුව තිබූ කැබ් රථයක් සහ මෝටර් රථයක් ඇතුලු නිධන් ගොඩගැනීමට යොදා ගත් උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.

Latest News
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්රිවිධ හමුදාවේ 8000ක්
Local
15 August 2026
කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට
Local
15 August 2026
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026