General05 January 2018

කිළිනොච්චියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය

කිළිනොච්චිය පලෙයි පෙරියපච්චි ප්‍රදේශයේ ඉඩමක තිබී  ජීව මෝටාර් උණ්ඩ 14 ක් පොලීසිය විසින් අද (5) සොයාගෙන තිබෙනවා.

මෙම ඉඩම අයිති පුද්ගලයා ගෙවත්තේ වළක් කපමින් සිටියදී මතුවූ සැකකටයුතු බහාලුමක් දැක ඒ පිලිබදව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුවයි මෙම මෝටාර් උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ.

මෙම මෝටාර් උණ්ඩ මිලිමීටර් 76 හා 81 වර්ග වලට අයත්බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය මෙම මෝටාර් උණ්ඩ  ඉතා බහුල වශයෙන් භාවිත කර ඇතිබවයි.

එමෙන්ම මෙම උණ්ඩ තොගය එල්.ටී.ටී.ඊ.ය විසින් වළ දමන්නට ඇතයි පොලිසිය සැක මතුකරනවා.
 
අධිකරණ නියෝගයකට අනුව කිළිනොච්චිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා මෙම මෝටාර් උණ්ඩ තොගය නිශ්ක්‍රීය කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes