General11 January 2018

කඹුරුගමුවේ අනතුරකින් රුසියන් ජාතිකයෙකු මරුට

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව ප්‍රදේශයේදී රුසියන් ජාතිකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාතර මහරෝහලට ඇතුළත් කර ඇති බවයි කොටවිල පොලීසිය ප්‍රකාශ කළේ.

අද (11) අලූයම මොවුන් දෙදෙනා මාතර සිට - වැලිගම ප්‍රදේශයට පාපැදිවලින් ගමන් කරමින් සිටියදියී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මොවුන් අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද අනාවරණය වී තිබෙනවා. 
Related recommendation
Hiru TV News | Programmes