අමාත්‍ය මහින්ද අමරවීර සමග පලාලි බලා පියසර කරමින් තිබියදී මග වැරදුණු පෞද්ගලික ගුවන් යානයේ නියමුවාගේ බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ඊයේ (14) දිනයේ පෞද්ගලික ආයතනයකට අයත් ගුවන් යානයකින් යාපනය බලා පිටත්ව ගොස් තිබුණේ තෛපොංගල් උත්සවයකට සහභාගිවීම සඳහායි.
එම යානය ගුවන් ගතවී පැයක පමණ කාලසීමාවක් ඇතුළත පලාලි ගුවන් තොටුපලට ගොඩබැස්සවීමටයි නියමිත වුණේ.
කෙසේ වෙතත් ගුවන් යානය මග වැරදී තලෙයිමන්නාරම දෙසට පියාසර කර තිබෙනවා.
එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඒ පිළිබඳව ගුවන් නියමුවාගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් පලාලි දෙසට ගමන් කිරීමට නොදන්නා බැවින් මග වැරදුණු බවයි.
පසුව අමාත්‍යවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තමන් සතුව තිබූ ජංගම දුරකථනයේ ගූගල් සිතියම ඇසුරින් පලාලි ගුවන් තොටුපල පිහිටි ප්‍රදේශය බලා ගමන් කිරීමට නියමුවාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව පැය 2 ක පමණ කාලසීමාවක් පියාසර කළ යානය පලාලි ගුවන් තොටුපලට ගොඩ බස්සවා ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් ඒ වනවිට ගුවන් යානයේ ඉන්ධන අවසන් වීමට ආසන්නව තිබූ බවද සඳහන්.
මේ අතර ගුවන් යානයේ ගමන් කාල පරතරයේ වෙනස පිළිබඳව ගුවන් හමුදාවද අවධානය යොමුකර ඇති අතර, යානය ගොඩබැස්සවීමට අවශ්‍ය සහයෝගයද පසුව ලබාදී තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න අප කළ විමසීමකදී කියා සිටියේ අමාත්‍යවරයා ගමන් ගත් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බවයි.
එය මුළුමනින්ම පෞද්ගලික සමාගමකට අයත් යානයක් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මෙම සිද්ධියෙන් පසු අමාත්‍ය මහින්ද අමරවීර මේ වනතුරුත් රැඳී සිටින්නේ යාපනය ප්‍රදේශයේයි.
ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදා යානයකින් ඔහු යළි අද දිනය තුළ කොළඹට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026