පොලිස් වෙඩි පහරින් කතරගම නගරයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියෙන් පසුව තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.
කතරගම පොලිස් ස්ථානය, රෝහල සහ රජයේ ගොඩනැගිලිවලට විශේෂයෙන් මෙම ආරක්ෂා ලබාදී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර වෙඩි තැබීම සිදුකල පොලිස් කොස්තාපල්වරයා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.55 ට පමණ කතරගම - මල්ලිකාරාම මාවතේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් නවතන ලෙස පොලීසිය සංඥා කර තිබුණා.
කෙසේ වෙතත් යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු යතුරුපැදිය දෙසට වෙඩි තබා ඇති බවටයි වාර්තාවුණේ.
මෙම සිද්ධියෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා බරපතල තුවාල ලැබූ අතර, ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. පසුපැදිිකරු යතුරුපැදියෙන් ඇද වැටීමෙන් තුවාල ලැබූ අතර, ඔහු ප්‍රකාශ කළේ පොලීසියේ අණට අනුව යතුරුපැදිය නැවැත්වූ පසුව වෙඩි තැබීම සිදුකළ බවයි.
රෝහල් ගතකළ 44 හැවිරිදි යතුරුපැදිකරු මියගිය අතර, එම ආරංචිය පැතිර යාමත් සමග ඊයේ රාත්‍රියේ කතරගම නගරයට පැමිණි ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවුණා.
ඔවුන් කතරගම පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් විරෝධය පළ කළ අතර, තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදුවූ බවයි වාර්තාවන්නේ.
ඊයේ රාත්‍රියේ ඇතිවූ මෙම විරෝධතාවයේදී පොලිස් ස්ථානයට අලාභ හානි සිදුවූ අතර, ඉදිරිපස නවතා තිබූ පොලිස් ජිප් රථයකටද අලාභහානි සිදුව ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධියෙන් පසු පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද කතරගම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් කැඳවනු ලැබුවා.
කෙසේ වෙතත් අද පෙරවරු 9.30 ට පමණ යළිත් කතරගම පොලීසිය ඉදිරිපිටට රැස්වූ ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදීද ප්‍රදේශවාසීන් පොලීසියට දැඩි විරෝධයක් පළ කළේ ටයර් ද පුළුස්සා දමමින්.
පවතින තත්ත්වය මත මේ වනවිටත් අඛන්ඩව පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා යටතේ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශනයට අනුව මේ වනවිටත් ප්‍රකාශ 20 කට වැඩි සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව විමර්ශන මෙහෙයවන නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියා.

Latest News
දකුණු කොරියාව පරදා මෙක්සිකෝවට ජය
Local
19 June 2026
"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න
Local
19 June 2026
ආනයන ගෙවීම් නියාමනය ශක්තිමත් කෙරේ: නව ගැසට් නිවේදනයක් නිකුත් වෙයි
Local
19 June 2026
තලවතුගොඩ දී රති මැදුරු 9ක් වටලා 43ක් අත්අඩංගුවට
Local
19 June 2026
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
19 June 2026
කටාර් පරදා කැනඩාවට විශිෂ්ට ජයක්
Local
19 June 2026
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩනවා - උවිඳු විජේවීර
Local
19 June 2026
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026