කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලූ 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද පස්වරුවේ අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි වෙනත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් එහි වහලය මතට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, ඉන් 07 දෙනෙකු ඒ වනවිටත් මියගොස් සිටි බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් ප්‍රකාශ කළේ.
මේ වනවිටත් කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් රථ 08 ක් එම ස්ථානයේ සහන සේවා කටයුතුවල නිරතවනවා.
ඒ, පැය දෙකකට ආසන්න කාලයක් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුවයි.
යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා භටයින් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා යොදා තිබෙනවා.
මේ අතර මෙම ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පසු කොළඹ - ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පසුගිය කාලයේ කොළඹ ස්ථාන කිහිපයකින් මෙවැනි අනාරක්ෂිත ගොඩනැගිලි කඩාවැටීමේ සිද්ධීන් වාර්තාවුණා.
update : wednesday, 14 February 2018 - 17.24
------------------------------------------------------------------
කොළඹ - ග්‍රෑන්ඩ්පාස් - බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට හයදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ.
ගොඩනැගිල්ලට තවත් පුද්ගලයින් යටවී ඇත්දැයි සෙවීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මෙහෙයුම් සිදුකරනවා.
ඒ සඳහා සහය වීමට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
update : wednesday, 14 February 2018 - 17.04

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් - බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි තේ ගබඩා කර තිබූ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට හතර දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවද ඇය සඳහන් කළා.
තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
update : wednesday, 14 February 2018 - 16.55

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් ප්‍රකාශ කළේ.

update : wednesday, 14 February 2018 - 16.17

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට
ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද පස්වරු 3.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පුද්ගලයන් සිරවී ඇත් ද යන්න සොයා බැලීම සඳහා ආපදා සේවකයන් සහ පොලිසිය සෝදිසි මෙහෙයුම්වල නිරතවන බවයි වාර්තා වන්නේ.

Latest News
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
14 September 2026
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026
කොටුව මහේස්ත්‍රාත් නිගමනයට එරෙහිව දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට
Local
14 September 2026
එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
Local
14 September 2026
ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
Local
14 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: ත්‍රීරෝද රථය ලබා දුන් තැනැත්තා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
14 September 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026