General04 March 2018

පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පිපිරුමකින් එක් අයෙකු මරුට

පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක සිදුවී ඇති පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

04 වැනිදා පෙවරුවේ මෙම පිපිරීම සිදුව තිබෙනවා.
 
මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි තරුණයෙකු බවට තහවුරු වී ඇති බවයි සඳහන් වන්නේ.

පරණ යකඩ අතර තිබූ කිසියම් දෙයක් පුපුරා යන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනවා.



Related recommendation
Hiru TV News | Programmes