හලාවත - ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ (05) නියෝග කළා.
මේ අතර අදාල සැකකරු මීට පෙර 2003 වසරේදී ද වයස අවුරුදු හයක දැරියක් දූෂණය කර ඝාතනයකර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් දැරියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පවරා තිබූ එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ එම නඩුවේ සාක්ෂි ලබා දීමට සිටි ඝාතනයට ලක්වූ දැරියගේ මව දුම්රියට පැන සියදිවි හානි කර ගැනීම හේතුවෙන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
හලාවත - ඉරණවිලලසමිදුගම අක්කර 40 පදිංචිව සිටි සුසිත් නිර්මාල් නමැති දරුවාව සැකකරු පසුගිය 25 වැනිදා පැහැර ගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කර තිබුණා.
පසුගිය 27 වනදා හලාවත - ඉරණවිල - මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ දරුවාගේ සිරුර සොයා ගත්තා.
අනතුරුව මුලතිව් - නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී පසුගියදා (04) සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.
මේ අතර සැකකරු ඊයේ දිනයේදී හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එන අවස්ථාවේ දස හැවිරිදි දරුවාගේ ඥාතීන් අධිකරණය අසල විරෝධතාවයක නිරත වුණා.

ඡායාරූප - පුත්තලම, ජූඩ් සමන්ත

Latest News
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026