International25 March 2018

ෂැංහයි සමුළුවේදී මෝදි - ෂී ජින් පින් හමුවක්

ලබන ජූනි 9 වනදා සහ 10  වනදා චීනයේ ක්වින්ඩාවෝ නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ෂැංහයි සහයෝගීතා සංවිධානය චීනයේ මූලිකත්වය ගත් ආරක්ෂක සමුළුවක් වන අතර එය නේටෝ සංවිධානයට ප්‍රතිචාරයක් ලෙස පිහිටුවනු ලැබුවා.

පසුගිය වසරේ ඉන්දු - චීන දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක් පැන නැගුණු අතර, සිකිම් ප්‍රදේශයේ පැන නැගුණු එම ආරවුල අවසන් වූයේ පසුගිය අගෝස්තු 28 වනදායි.

මේ අතර ඉන්දීය ආරක්ෂක ඇමතිනි නිර්මලා සීතාරාමන්ද ලබන මාසයේ චීනයේ සංචාරය කිරීමට නියමිතයි.


Related recommendation
Hiru TV News | Programmes