General29 March 2018

සාමාන්‍ය පෙළ ප්‍රථිපල පිලිබඳ සැහීමකට පත් නො වූ සිසුවියක් සියදිවි නසා ගනී (ඡායාරූප)

මුලතිව් පුදුකුඩිඉරුප්පු කයිවේලි ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ නිකුත් වූ සාමාන්‍ය පෙළ ප්‍රථිපල පිළිබඳ තමන් සැහීමකට පත් නොවීම නිසා ඇති වූ දුකට මෙම සිසුවිය සියදිවි නසාගෙන ඇති බවයි මුලතිව් පොලිසිය පවසන්නේ.

මෙම සිසුවිය මුලතිව් වල්ලිපුලම් මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සාන්තලිංගම් ආශියා නමැති දැරියක් බවයි සඳහන් වන්නේ.

මෙම දැරියගේ පියා පසුගිය යුධ සමයේ මියගොස් ඇති අතර පසුව මව කරගත් විවාහයක් නිසා ඇය සිය මවගේ මිත්තනිය සමග ජීවත්ව තිබෙනවා.

සිද්ධිය පිලිබඳ  මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Related recommendation
Hiru TV News | Programmes