General02 April 2018

වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

පොළොන්නරුව - වැලිකන්ද ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව කාන්තාවක් අද (02) අලූයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 216, වැලිකන්ද - අසේලපුර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්.

ජලය රැගෙන ඒම සඳහා ළිඳට යමින් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes