අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී විශේෂ සිදුවීම් රැසක් දැක ගත හැකි වුණා.
ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් මෙන්ම විශ්වාසභංගයට අත්සන් තැබූ ඇතැම් මන්ත්‍රීවරුන්ද ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගි නොවීම විශේෂත්වයක්.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඊයේ දිනය පුරා පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර ඊට අදාළ ඡන්ද විමසීම ආරම්භ වුණේ රාත්‍රී 9.30 ට පමණ.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 122 හිමි වුණා.
යෝජනාවට පක්ෂව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 55 දෙනෙකු සහ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු 15 දෙනෙකු ඡන්දය භාවිතා කළා.
එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්.ඩී.ජේ, සෙනෙවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම විරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සුසන්ත
පුංචිනිලමේ යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාද ඔවුන්ට අයත්.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනාද යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා.
විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා හැර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 80 දෙනෙකු ඡන්දය භාවිතා කළා.
දෙමළ ජාතික සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයද හිමි වුණේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂවයි.
ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී සන්ධානය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයද අග්‍රාමාත්‍යවරයාට හිමි වුණා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු ඡන්දයට සහභාගි නොවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, විජිත් විජයමුණි සොයිසා, සරත්
අමුණුගම, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, ඉන්දික බණ්ඩාරනායක, සාරථී දුෂ්මන්ත, මනූෂ නානායක්කාර, ලක්ෂමන් සෙනෙවිරත්න, ශ්‍රියානි විජේවික්‍රම යන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ද ඒ අතරවනවා.
විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මහත්වරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැදී නොසිටීම විශේෂත්වයක්.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැදී සිටියේ නැහැ.
කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය නියෝජනය කරන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය භාවිතා කළා.
පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කළ පාලිත රංගේ බණ්ඩාරල වසන්ත සේනානායක, පාලිත තෙවරප්පෙරුම, ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන්ද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කළා.
ආණ්ඩුව දැඩිව විවේචනය කළ හිටපු අධිකරණ අමාත්‍ය විජෙදාස රාජපක්ෂමහතාද අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා විවාදයට සහභාගි නොවූවද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
ඡන්දය විමසීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
මේ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළකලේ මෙවන් අදහසක්.

Latest News
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 591ක ආධාර ප්‍රදානයක්
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026